රාජ්‍ය පාලනය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ගැසට් නිවේදන වැනි නෛතික ලියවිළිවල කුමක් සඳහන් වුවද, ප්‍රයෝගිකව ඇතිවන ගැටළුවලදී ජනාධිපතිවරයාට සිය අභිමතය නෛතික රාමුවට පරිභාහිරව කටයුතු කළ හැකිබව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (24) හත්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් පැවසීය.
2018 වර්ෂයේ ඔක්තෝබර් මස එවකට සිටි ඇගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම තමන්ට එලෙස කටයුතු කිරීමට සිදුවු එක් අවස්ථාවක් බවද පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දි හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිසම හමුවේ සාක්ෂි දී තිබීම මත ප්‍රහාරයේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියන දේට ඔබ සුදානම් නැද්ද එහෙම සාමුහිකව වගකීම භාරගන්න” යන්නට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “එහෙම පුළුවන්කමක් නැහැ ස්වාමිනි,” පවසා ඇත.
ඔබ මෙම සම්මුඛ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා ඔබ සුදානම් නැහැ මේ ප්‍රහාරයෙන් අගතියට පත්වුණ පාර්ශ්ව වෙනුවෙන් කණගාටුව පළ කරන්න කියලා. මම යෝජනා කරනවා මා නියෝජනය කරන කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ කණගාටුව පළ කරන්න ඕනේ කියලා, යැයි ජනාධිපති නීතිඥවරයා යෝජනා කර ඇත.
මේ සිදුවීම සම්බන්ධයෙන් මම අවස්ථා රැසකදී කණගාටුව පළ කරලා තියෙනවා ස්වාමිනි. කාදිනල් හිමිපාණන් කියන්නේ මගේ පාලන කාලයේදී මම ඉතා මිත්‍රශීලිව ඇසුරු කළ කෙනෙක්. මම කතෝලික ජනතාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. නමුත් මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වුණ මාධ්‍යවේදියා සමග මම බහින් බස්වීමක් වුණා උසාවියක වගේ මගෙන් ප්‍රශ්න අහනවා කියලා. මම ඔහුට කිව්වා මේ සම්මුඛ සාකච්ඡාව දාන්නත් එපා කියලා. නමුත් ඔවුන් මේක සම්පූර්ණයෙන්ම සංස්කරණය කරලා දාලා තියෙන්නේ. මම කියපු වැදගත් කරුණු කිසිවක් මෙහි නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී ඇත.