ඉන්දික ශ්‍රී අරවින්ද
සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කරන උකුස්සා මහජන ප්‍රදර්ශණය යොමු කිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යාන බළධාරීන් විසින් පියවර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය චෝදනාක් සම්බන්ධයෙන් එම උකුස්සා හා සැකකරුවෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම උකුස්සා නඩු භාණ්ඩයක් ලෙස පසුගිය ජුලි (31) වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබුණි.
එහිදී උකුස්සා සම්බන්ධයෙන් පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද ලබා දී ඇත. මෙහිදී මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් නඩු කටයුත්ත තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින නිසා උකුස්සා තවදුරටත් නඩු භාණ්ඩයකි.
මෙතෙක් කලක් මහජනයාට නොපෙනෙන පරිසරයක හිටපු මෙම උකුස්සා අනෙකුත් පක්ෂීන් මෙන් එළිමහනේ ප්‍රදර්ශණ කුටියකට යොමුකිරීමට සත්වෝද්‍යාන බළධාරීන් පියවර ගෙන ඇත. ඒ එම පක්ෂියා පරිසරයට හුරු කරවීම සඳහා මෙලෙස එළිමහන් කුඩුවක රඳවා තබා ඇත්තේ දැනට තාවකාලිකව දෙහිවල සත්වෝද්‍යානය වසා දමා ඇති පසුබිමකය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙම උකුස්සා යොදාගත් බවට සැකකරමින් පොලිසිය භාරයට ගෙන තිබුණි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උසස් නිළධාරියකු ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් නඩු භාණ්ඩ ලෙස දෙහිවලට භාර දුන් තවත් පක්ෂීන් ඇතුළු සත්වයින් සැලකිය යුතු පිරිසක් දෙහිවල ජාතික සත්වෝද්‍යානය භාරයේ තවදුරටත් සිටින බවයි.