ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 337 දෙනෙකු අලූතින් හඳුනා ගත් අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,500 සීමාව ඉක්මවා ගොස් ඇත.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වුණා. ඒ සමග මේවනවිට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 90කි.