බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටළු සහ ක්‍රියාකාරීත්වය පිළිබදවත්, කොවිඩ් 19 හේතුවෙන් බන්ධනාගාරවල පවතින වත්මන් තත්වය සහ ඒ සදහා ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබදවත් සාකච්ඡා කිරීම සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ගේ විශේෂ අවධානය යොමුවී ඇත.
රිමාන්ඩ් රැදවියන්ගේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබදවත්, හෙරොයින් 2gට අඩු සහ ගංජා 5kgට අඩු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතවී සිටින 6334කගේ නඩු කටයුතු කඩිනම් කිරීම කෙරෙහි අවධානය යොමුකල අධිකරණ අමාත්‍යවරයා සදහන් කර සිටියේ බන්ධනාගාරගත වන රිමාන්ඩ් රැදවියන්ගෙන් වැඩිපිරිසක් නැවත නැවත බන්ධනාගාරගත වන අයවලුන්වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ සදහා විශේෂ මූලෝපායික සැලසුමක් සකස්කල යුතු බවය.
බන්ධනාගාරවල උද්ගතවී ඇති කොවිඩ් 19 තත්වය පිළිබදවද අවධානය යොමුකල අධිකරණ අමාත්‍යවරයා රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාරගත කිරීමේදී සහ බන්ධනාගාරයෙන් නිදහස්ව යාමේදී විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීම සදහා මෙන්ම දරුවන් සහිත කාන්තා රැදවියන් 12 දෙනෙකු විශේෂ රැදවුම් ස්ථානවලට යොමුකිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.