වෛශනී වෙල්රාජ්
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇත.
පක්ෂයේ ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද රැස්වීමක් පැවැත්වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කොළඹ ගැසට් පත්‍රයට පැවසීය. ඒ අනුව පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට යෝජනා කර තිබුණි. ඔහු ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූයේ සෙසු සාමාජිකයින්ට මග පෙන්වීමේ අදහසින් ය.
කෙසේ වෙතත්, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසුවේ, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාරියවසම්ගේ යෝජනාව පිළිගෙන නොමැති බවයි.
පක්ෂය ප්‍රතිව්‍යුහගත වන තෙක් මහ ලේකම් ධුරයේ රැඳී සිටින ලෙස එජාප නායකයා කාරියවසම්ට උපදෙස් දී ඇතැයි විජේවර්ධන මහතා පැවසීය.