අයි.ඩි.එච්. රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.
ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර මේ වන විට ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
රාගම රෝහලෙන් මීට මාස එකහමාරකට පෙර පුද්ගලයෙකු පැනගිය බවත්, සාලාව රෝහලෙන් තවත් පුද්ගලයෙක් පැනගිය බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට දින කිහිපයකට පෙර කාන්තාවක් සිය දරුවා ද සමග රොහලෙන් පැනගිය බැවින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂිත ක්‍රම උපායන් යටතේ කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය දින කිහිපය පුරා රෝහල්වලින් පළාගිය කොවිඩ් ආසාදිතයින් මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින් වන බැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අජිත් රෝහණ මහතා ඉල්ලීය