අද (22) දින තවත් කොවිඩ් මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 87කි.
ඒ අනුව මෙරට කොවිඩ් දෙවැනි රැල්ල ඇතිවීමෙන් මිය ගිය බහුතරය කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් වේ. අද ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් රෝගීන් 391ක් හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව අද ඉක්මවීය.
01. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනවිට මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
02. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 20 වනදාය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් කොවිඩ් හේතුවෙන් උත්සන්න වීමය.
03. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණය වී ඇත්තේ නොවැම්බර 21 වනදාය. මරණයට හේතුව කොවිඩ් -19 සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි .
04. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහල වෙත ඒවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී නොවැම්බර 22 දින මියගොස් ඇත. මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වයයි.