ඉන්දික ශ්‍රී අරවින්ද
covid – 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය නොකර ආදාහනය කිරීම තවදුරටත් සිදු කිරීමට කොවිඩ් වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂඥ කමිටුව තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත පැවසීය.
පසුගිය දා රැස්වූ එම කමිටුව තීරණය කර ඇත්තේ කොවිඩ් මරණ දැනට සිදුකරගෙන යන ආකාරයෙන්ම ආදාහනය කිරීමටය. මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළදී දේශීය සහ විදේශීය සංවිධාන වශයෙන් දැඩි බලපෑම් රජයට එල්ල වී තිබුණි.
ඒ අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය,එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම තවුහීද් ජමාත් සංවිධානයද රජය වෙත ඉල්ලීම් කරන ලදී.
කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා දුර බැහැර ප්‍රදේශයක වියළි කලාපයක් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.