ඉන්දික ශ්‍රී අරවින්ද
කොළඹ නගර සීමාව සම්පුර්ණයෙන්ම හුදකලා(Lockdown) කිරීමට කිසිඳු අදහසක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
එලෙස කොළඹ නගරය සම්පුර්ණයෙන්ම හුදකලා(Lockdown) කිරීමෙන් නගරය තුළ ජීවත්වෙන ජනතාවගේ ජනජීවිතයට මෙන්ම ආර්ථිකයටද යම් ලෙසකින් බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති බව ඔහු පවසයි.
ඇතැම් පිරිස් කියන්නේ මුළු කොළඹ ප්‍රදේශයම හුදකලා(Lockdown) කරන ලෙස වුවද සෞඛ්‍ය අංශ රජයට යෝජනා කරන්නේ කුමන බාධක යටතේ හෝ covid -19 වෛරසය සමග ජීවත්වීමට ජනතාව හුරු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ය පැවසුවේය.
මේ වන විටත් මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමෙන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, ආදිරිප්පු වීදිය, ඩ්රෑම් ස්රිට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම්වල 17 ක හුදකලාභාවය ඉවත් කර නොමැත.
එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ වන බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් 4 හි හෙට (23) අලුයම 5.ට හුදකලාභාවය ඉවත් කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි.