රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් ලෙස දැනට කටයුතු කරන අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් රාමඤ්ඤ මහා නිකායේ නව මහ නාහිමියන් ලෙස පත්කර ඇත.
පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.
රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් මහ නායක ධුරය හිස්විය.
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය අද පස්වරුවේ සිදු කෙරේ.
රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය අත්තන්ගනේ ශාසනරතන හිමියන් නෙත් නිවුස් කියාසිටියේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජ්යෝත්සව කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී සිදු කෙරෙන බවය.