අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විල්සන් කරුණාරත්න ඊයේ ඇප මත නිදහස් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත විල්සන් කරුණරත්න අත්අඩංගුවට ගත් බවය.
එමෙන්ම මුහුණු ආවරණයක් පැළඳ නොගෙන විල්සන් කරුණාරත්න ප්‍රසිද්ධියේ එළියට ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරීන් ඔහු වෙත පැමිණ ඇති බවද එවිට ඔහු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බවද පසුව පොලිස් නිලධාරියා රෝහල් ගත කර ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ විවේචන මතු විය