19කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා පවසයි.
2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී 10 තරඟාවලිය සම්බන්ධයෙන්මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දුෂණ විරෝධී සංග්‍රහය යටතේ නුවන් සොයිසාට චෝදනා එල්ල විය. එම තරගාවලියේදී ”ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කල අතර එම තරගාවලියේ සිදු වූ බව කියන යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකයක් මෙලෙස සොයිසා වෙත එල්ලවී තිබේ.
මේ වනවිට නුවන් සොයිසාට එරෙහිව තාවකාලික තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඬුවම් අයි සී සී ය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කෙසේවෙතත් සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් තමන් මෙම සටන අත්නොහිරින බව මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු පැවසීය.