එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක් කර ඇත.
ඒ අනුව එක්සත් රාජධානිය එරට වේලාවෙන් අද අලුයම හතරේ සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතී. ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
කෙසේවෙතත් මෙම සතිය තුළ දී කිසිදු රටක් ආරක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර නොමැති බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම සිංගප්පූරුවට යන ශ්‍රී ලාංකිකයින් සඳහා දේශසීමා ද පියවර ලිහිල් කර ඇත.