හොං කොං හි විවේචකයින් නිෂ්ශබ්ද කිරීමට චීනය ක්‍රියාකරන බවට චෝදනා කල එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාවට එරෙහිව චීනය දැඩි දෝෂාරෝපණ එල්ලකර තිබේ.
එම රටවල් 5, ඇස් පහේ සන්ධානය ලෙස හඳුන්වයි. නව නීති හඳුන්වා දී මෑතකදී තේරී පත්වූ මන්ත්‍රීවරු ඉවත්කිරීමට චීනය විසින් නව නීති හඳුන්වාදීම එම සන්ධානයේ විවේචනයට ලක්ව තිබේ. එම තීරණය හකුළා ගන්නා ලෙස එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව චීනයට බලකරයි.
චීන විදෙස් කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් එම රටවලට අනතුරු අඟවුයේ චීනයේ කටයුතු වලින් ඉවත්ව සිටින ලෙසය. “ඔවුන් ප්‍රවේසම් විය යුතුයි නැතහොත් ඔවුන්ගේ ඇස් උගුල්ලනවා.චීන ජාතිකයින් කිසිවිටෙක ගැටලු ඇතිකරන්නේ නෑ ඒ වගේම කිසිවක් ගැන බියකුත් නැහැ,” යනුවෙන් ෂාඕ ලිජිඈන් මාධ්‍යවේදීන් අමතමින් බීජිං අගනුවරදී පවසා ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි දේශපාලනඥයන්ව නෙරපීමට හැකියාව සලසමින් චීනය විසින් නීතියක් සම්මත කිරීමෙන් අනතුරුව පසුගිය සතියේදී, හොං කොං පාලනය විසින් ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන මන්ත්‍රීවරු සිව් දෙනෙක්ව නෙරපීය. (Courtesy BBC)