ඉන්දික ශ්‍රී අරවින්ද
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල පැවති වායු දුෂණ මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණාත්මක නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එහි පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළදී මෙම වායු දූෂකවල වැඩිවීම විශේෂයෙන් ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය PM 2.5 මට්ටමට සාපේක්ෂව ඉහළ අගයක පැවතුනි.
එහෙත් කොළඹ ඇතුළු ප්‍රදේශවල ගමනා ගමනය සීමාවීම හේතුවෙන් වායු දුෂණ මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ ඒ කෙසේ වෙතත්, දූෂක මට්ටම නොවැම්බර් මස 3 වන දින සිට අඩු වෙමින් පවතින බව ප්‍රේමසිරි මහතා පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අඩුවීමට තවත් එක් ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රට වටා සුළං රටාව වෙනස් වීම නිසා අන්තර් දේශසීමා ආචරණය මගින් සිදුවන දූෂක දායකත්වය අඩු වීමයි.
මේ තත්වයනිසා රට වටා සුළං රටාවෙි සිදුවන වෙනස්වීම් වලට සාපේක්ෂව වර්තමාන දූෂක මට්ටම් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා වැඩිදුරටත් පැවසිය.