ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස චී ජෙන්හොං මැතිතුමා පත් කර තිබේ.
චන් ෂුවේයුවෑන් උතුමාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එතුමා පත් කරනු ලැබ ඇත. නව තානාපතිවරයා නොවැම්බර් 19 වැනි දින පෙ.ව. 11.00 ට කොළඹ ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.
එම අවස්ථාවේදී අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මහතා නව චීන තානාපතිවරයාට පවසා ඇත
ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධන ප්රයත්නය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය දීමට තම රජය සූදානම් යැයි තානාපති ක්වි සෙන්හොං ඊට ප්‍රතිචාර ලෙස සඳහන් කර ඇත. චීන ජනාධිපති ෂි ජින් පිං ගේ සුභාශිංසන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව පවසා ඇත.