පාස්කු ප්රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම විසින් පටිගත කරගෙන ඇති සමහර සාක්ෂිකරුවන් විසින් ලබාදෙන ලද ප්රකාශ තමන් වෙත ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් ඉහත කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.
ඒ පාස්කු ඉරිදා ප්රහාරයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
එමෙන්ම දැනට බන්ධනාගාරගතව සිටින මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසම හා සම්බන්ධ වී තිබේ.