ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය මැදිහත්වීම මත ස්ථාපිත කළ ‘විශේෂ මෙහෙයුම් මැදිරිය’ අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහිදී ජනතා ගැටළු රැස්කොට රජයේ අදාල බලධාරීන්ගේ සහ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරවීමත්, හැකි පමණ එම ගැටලු විසදාගැනීමට සහායවීමත් මෙම මෙහෙයුම් මැදිරියෙන් බලාපොරොත්තු වෙයි.
ඒ අනුව මෙම 0117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිය.