ඊශ්වරන් රත්නම්
කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීම්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජසිංහ මහතා සහභාගී වීමට නියමිතය.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙස උසස් කරන ලද බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවට පැවසීය.
කෙසේ වෙතත්, ඔහු කොරෝනා වෛරසය පිළිබඳ ඉදිරි සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීම්වලට සහභාගී වන බව ද ඇය පැවසුවාය.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පසුගිය දා කතා බහට ලක් විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක තනතුරේ සිටි වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතාගේ ඉවත් පිළිබදව ද පරිලිමෙන්තුවේදී විපක්ෂයෙන් ප්‍රශ්න කරන ලදී.
එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක තනතුරේ සිටි වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා සිය කැමැත්තෙන් ඉවත් වීමට කැමති වූ බව ද සෞක්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මිය පැවසිය.