ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.