රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය වන මෙවර අයවයන් අද (17) පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමඟ 2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙවර අයවැයෙන් 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.
ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යය බවත් විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරන බවද රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද අගමැති පැවසීය.
දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවීම, වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යාම, ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් , විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා, ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම, අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති, ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්රයන් ආදායම් බදුවලින් නිදහස් කිරීම, රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවත්වා ගෙන යාම, සෞක්‍ය අංශ කාර්ය මණ්ඩල පුළුල් කිරීම ආදී වශයෙන් යෝජනා රැසක් මෙවර අයවැයෙන් දක්වා ඇත