ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. සමාගම මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතරට ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ සඳහා රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයි ද ඇස්තමේන්තු කර තිබේ. එකී විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
එම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනන කලාප සංවර්ධන රාජශ්ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇත.
එම කමිටුව විසින් සමාගමේ ඉදිරි වසර 3 සඳහා මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබේ.