අශන්ති වරුනසුරිය
දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන ගැනීමෙන් භයානක තත්ත්වයකට මුහුණදෙන බව එම ප්‍රාන්ත බලධාරීන් පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිර ගිය දෙවැනි රැල්ල ඔවුන් සාර්ථකව පාලනය කර ගැනීමට එරට සමත්විය. එම ප්‍රාන්තයේ අගනගරය වූ මෙල්බර්න් නගරය මාස 4ක් පමණ දැඩි සංචරණ සීමාවන්ට ලක් කර තිබු අතර එය ලිහිල් වුයේ පසුගිය මාසයේදීය.
මෙලෙස කොරෝනා ආසාදිතයින් හමු වන්නේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසුවය. නව ආසාදන 18න 13ක් නිරෝධායනය සඳහා භාවිත කළ හෝටලයක සේවකයෙකුට සම්බන්ධ බව හෙළිවී ඇත. ඔහු ගෙන් වෛරසය වෙනත් පවුලකට බෝවී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ප්‍රාන්තය පුරා නව ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩිකර ඇති අතර නව සංචරණ සීමා ද හඳුන්වා දී තිබේ.