නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය උදෙසා ඉදිරිපත් කෙරෙන විකල්ප යෝජනා ඇතුළත් ග්‍රන්ථය අද (16) දින බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.
බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නියෝජනය කරමින් විජේරාම අගමැති නිල නිවසේ දී මෙම ග්‍රන්ථය පිළිගැන්වීම සිදුවිය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ, ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය, නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති අනුකමිටුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
පූජ්‍ය වජිරාරාමාවාසී ඤාණසීහ හිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න, ආචාර්ය පාලිත කොහොන, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රංජිත් තෙන්නකෝන්, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරුන්ගෙන් මෙම අනුකමිටුව සමන්විත විය.