ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල වයිකින්ග් සහ කලම්බෝ කින්ග්ස් යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ධුරවල වෙනසක් සිදු කර ඇත. එමෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට ලිපියක් යොමු කරමින් දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්න ප්‍රශ්ණ කර තිබේ .
ඒ අනුව දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලූවිස් එම ධූරයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඔවිස් ෂා පත්කර ඇත.
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කෙරුණු ජෝන් ලූවිස් මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළ අතර බොලිවුඕ නලූවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් දඹුල්ල කණ්ඩායම මිලදී ගැනීමත් සමග ජෝන් ලූවිස් දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත.
කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර නම්කර සිටි ඩේව් වට්මෝර් වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රීඩකයෙකු වන කබීර් අලි පත්කර ඇත. ලන්කා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොටදී ආරම්භ වීමට නියමිතය.
ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්. පී. එල්. තරගාවලියේ විනිවිද බව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට ලිපියක් අද (16) යොමු කර ඇත.
මෙම තරගාවලිය ICCය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ? මෙම තරගාවලිය ICC දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ? ICC දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ? ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? එසේනම් ඒ කුමන අංශයෙන්ද ? කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද ?යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ? යන ප්‍රශ්න එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු කරන මූලික කරුණ වේ.