ඉන්දික ශ්‍රී අරවින්ද
සමාජ මාධ්‍ය ජාල හරහා පිරිමි ලිංගික ශ්‍රමිකයින්ගේ වර්ධනයක් නිරීක්ෂණය වීම නිසා ඉදිරියේදී මෙරට HIV ආසාදිතයින් වැඩිවීමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
කොවිඩ් ව්‍යසන තත්වය හමුවේ බොහෝ පිරිස් මේ දිනවල නිවසේම කාලය ගතකිරීම හේතුවෙන් ඇතැම් තරුණ පිරිස් සමාජ මාධ්‍ය ජාල පරිශීලනය කිරීම වැඩි වී ඇත.
එමගින් තරුණ පිරිස් බොහෝමයක් ලිංගික සේවාවන් සලසා ගැනීමට පිරිමි ලිංගික ශ්‍රමිකයින් කෙරෙහි නැඹුරු වී ඇති බවට සිදු කරණු ලැබූ නිරික්ෂනවලදී පෙනී ගොස් තිබෙන බව වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම ව්‍යසන තත්වය නිසා කාන්තා ලිංගික ශ්‍රමිකයින්ගේ සොයා ගැනීම අපහසු කාරයක් වී ඇති බවයි.
මේ වනවිට මෙරට HIV ආසාදිතයින්ගේ සංඛියාව 3600 ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එමගින් 2000 පිරිසක් පමණයි ප්‍රතිකාර සඳහා යොමු වී ඇත්තේ.
අනෙක් 1600 ක් පමණ පිරිසක් නිදැල්ලේ සැරිසරණ බවට තොරතුරු වාර්තා වෙයි.
HIV ආසාදිතයින්ගෙන් සියයට 60% ක පිරිසක් පිරිමි බවට සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී ඇති නිසා ඔවුන් බොහොමයක් අනාරක්ෂිත ලෙස ලිංගිකව හැසිරෙන බැවින් ඉදිරි කාලය තුළදී HIV ආසාදිතයින්ගේ වර්ධනයක් අපේක්ෂා කල හැකි බව ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසීය. (Colombo Gazette)