අද මධ්‍යම රාත්‍රියෙන් පසු සාමාන්‍ය පරිදි බස්නාහිර පළාතින් පිටතට ගමන් කළ හැකි බව එම මධ්‍යස්ථානය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කරන බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
එමෙන්ම මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් එලෙසම පවතී. මීට අමතරව හුදකලා කර ඇති සෙසු ප්‍රදේශ අද දින රාත්‍රියේ සිට එම තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන ප්‍රදේශ ද කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශ ද අද දිනයේ සිට හුදකලා තත්ත්වයෙන් මුදා හැරේ.
මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය හුදකලා කිරීමට තීරණය කළත් එම ප්‍රදේශවල පිහිටා ඇති අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන පවත්වාගෙන යෑමට හැකියාව ඇති බව ද අදාළ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක් පිහිටා ඇති බැවින් එම තීරණය ගත් බව ද හමුදාපතිවරයා පැවසීය.
අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩලවලට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් මෙම ප්‍රදේශවලට ප්රවේශවීමට හැකිය. අදාළ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගෙන යන ආයතන ප්‍රධානීන්ගේ දැනුම්දීම මත එම කටයුතු සිදු වේ. මරදාන, කොළඹ කොටුව, පිටකොටුව , කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බලප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට ඊයේ තීරණය කර ඇත.
ඊයේ (14) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 13,084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.