කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැළසීම සඳහා මේ දක්වා රජය විසින් රුපියල් මිලියන 68,640ක අරමුදල් වෙන්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය මාර්තු මස 31 වනදා සිට නොවැම්බර් මස 13වන දින දක්වා ජනතා සහන වෙනුවෙන් එම මුදල් වෙන් කිරීම සිදුකර ඇති අතර අදාළ කාලය තුළ රුපියල් 5,000 දීමනාව ලබාදුන් පවුල් ගණන මිලියන 12.7 ඉක්මවන බව ද නිරෝධායන කටයුතු, සෞඛ්‍ය යටිතල පහසුකම් හා ඹෟෂධ සැපයුම් සේවා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දරන ලද පිරිවැය රුපියල් මිලියන 4,326ක් බව එහි සදහන් වේ.