කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් අද සිදු විය. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58කි. එමෙන්ම කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙන් මෙලෙස මිය ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය ව සොයා ගත් 544 දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් වන බව සංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11,495කි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,632කි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,628 ක් වේ .
ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළේ හඳුනා නොගත් රෝගීන්ගෙන් කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීම සඳහා බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඒ අනුව කොළඹ මහනගර සභා අධිඅවදානම් සහිත ප්‍රදේශවල රෝගීන් හඳුනා ගැනීම තවදුරටත් සිදු කෙරේ.
එමෙන්ම ඇතැම් ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබු තත්ත්වයෙන් ඉවත් කිරීමට හැකි වුයේ ජනතාව නිරෝධායන නීතිවලට අනුකුලව කටයුතු කිරීම නිසා බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.