ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිවේදනයේ සදහන් වන පරිදි 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් සිදුකරන ජාතිය ඇමතීමේ විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.
එම කතාව සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි