ඉන්දික ශ්‍රී අරවින්ද
කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මුල්ලේරියාව මුලික රෝහල් රසායනාගාරයේ ස්ථාපිත කර ඇති PCR පරීක්ෂණ යන්ත්‍රයේ යළිත් දෝෂයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙම යන්ත්‍රය මෙයට පෙරද දෝෂයක් හට ගැනීම හේතුවෙන් චීනයෙන් තාක්ෂණික නිළධාරියෙකු ගෙන්වා ගැනීමට මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය කටයුතු කරන ලදී.
එහෙත් ඔහුව යළි පිටත් කිරීමට සුදානම්ව ඇති අවස්ථාවක යළිත් මෙම PCR පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂයක් මතු වී ඇතැයි වාර්තා වෙයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ මේ වනවිට PCR පරීක්ෂණ යන්ත්‍ර සඳහා පවතින දැඩි ඉල්ලුම නිසා PCR යන්ත්‍ර මිලදී ගැනීමට නොහැකි තත්වයක් මතු වී ඇති බවය.