මරදාන, කොළඹ කොටුව, පිටකොටුව , කොම්පඤ්ඤ වීදීය සහ වේල්ල වීදීය යන පොලිස් බල ප්‍රදේශ සඳුදා උදැසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ද තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින අතර
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයත් නොවැම්බර් 16 සඳුදා අලුයම 5 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට තීරණය කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලින් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින්නේ වත්තල, පෑලියගොඩ, ජා-ඇල, කඩවත, රාගම සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශ පමණකි.
ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ හෙට (15) අලුයම 5 සිට එම හුදකලා බවින් ඉවත් කෙරෙනු ඇත.
බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාවන් අද (15) සිට ඉවත් කෙරෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.