ඉන්දික ශ්‍රී අරවින්ද
ජනාධිපතිවරයා විසින් කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමට අවසර දී ඇති බවට තවුහිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කරඇති නිවේදනය ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ඊට අදාළ පැමිණිල්ල තමා ජනාධිපතිතුමාට යොමු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.
තවුහිත් ජමාත් සංවිධාන විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාගෙන් විමසූ බවත් එවැනි අවසරයක් මේ දක්වා ලබාදී නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කොරෝනා ආසාදිතයන් මිය ගිය පසු එම දේහයන් ආදාහනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් අධ්‍යනය කරමින් සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේය.