අද (12) දිනයේ දී කොවිඩ් ආසාදිත මරණ දෙකක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙදෙනා ම මුල්ලේරියාව මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඒ අනුව මෙරටදී මේ දක්වා මියගොස් ඇති කොවිඩ් ආසාදිත රෝගීන් ගණන 48කි. ඉන් එක් අයෙක් කොළඹ 12 පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගයක් සමග කොවිඩ් -19 ආසාදනය වීමය.