කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය සිදු වූ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇත. (11) දිනය වන විට එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 50,365 දක්වා ඉහළ ගොස් ඇත. ආසාධිතයින් 1,256,725 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි යුරෝපයේ කොවිඩ් නයින්ටීන් මරණ 50,000 ඉක්මවූ පළමු රට ලෙස බ්‍රිතාන්‍ය සැලකෙන බවය.
බ්‍රිතාන්‍ය මරණ 50,000 සීමාව ඉක්මවූ පස්වන රට ලෙස සැලකෙන අතර අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව මීට පෙර එම සීමාව ඉක්මවා ගොස් තිබුණි.