ඉන්දික ශ්‍රී අරවින්ද
ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. මොවුන් දෙදෙනාම ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර ඔවුන්ගේ සේවා ස්ථානවලින් වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.
එහි ප්‍රථිපලයක් ලෙස පිරිමි හා කාන්තා ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩා උපදේශකවරුන්ගේ යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා වැඩසටහන් පැවැත්වීම සඳහා මාර්ගගත වැඩසටහනක් දියත් කර ඇති බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ (අයිඑස්එම්) අධ්යක්ෂ ආචාර්ය වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ ජාතික ක්රීඩාකයන්ට මේ වසරේ ජාත්‍යන්තර තරඟ ගණනාවකට සහභාගී වීමට නොහැකි වූ අතර බොහෝ ජාත්‍යන්තර ඉසව් ද සංවිධායකයින් විසින් අවලංගු කරන ලදී.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවන්නන් තෝරා ගැනීම සඳහා මේ වසරේ අගභාගයේදී ජාතික මලල ක්‍රීඩා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව ආචාර්ය ලාල් ඒකනායක මහතා පැවසීය.
ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ජාත්‍යන්තර පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට නියමිතව තිබුණද, කොරෝනා වසංගතය හේතුවෙන් සැලැස්ම කඩාකප්පල් විය.