බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5.00ට ඉවත්කිරීමත් සමග හුදකලා කෙරෙන ප්‍රදේශවල ජනතාව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිළි කරමින් සදහන් කළේ හුදකලා කෙරෙන ප්‍රදේශවලින් කිසිවෙකුට පිටවීමට හෝ ඇතුළුවීමට අවසර නොලැබෙන බවය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,
“එම හුදකලාකරන ප්‍රදේශවල සිටින අයට කිසිම හේතුවක් නිසා පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ වගේම කිසිවෙකුට එම ප්‍රදේශවෙත ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. එම ප්‍රදේශවලිනුත් පිටවයන්න බෑ. ඔවුන් තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි. කුමණ හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි. සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. නමුත් අනෙකුත් සියලුම කාරණා සඳහා යම් අවශ්‍යතාවයක් වුවහොත් එම ප්‍රදේශයේ පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමකින් තොරව ගමන්බිමන් සිදුකිරීමට අවසර ලැබෙන්නේ නෑ.