ඉන්දික ශ්‍රී අරවින්ද
covid – 19 වෛරසය ආසාදනය වීම නිසා අද(05) දිනය තුළදී පමණක් මරණ 5 ක් සිදුව ඇති බව රජය නිවේදනය කරයි. මෙම මරණ 5 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයකි.
ඒ අනුව මෙරට මුළු covid මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ යයි. මෙලෙස මියගිය පුද්ගලයින් වකුගඩු,හෘදයාබාධය,පෙනහලු ආබාධ ඇති අය බවට සිදුකල මරණ පරික්ෂණවලදී හෙළි වී ඇත.මෙම පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු වෙයි.
මෙයින් තිදෙනෙකුම සිය නිවසේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඒ අනුව එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වෙයි.