අශන්ති වරුනසුරිය
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා ගෙන් 170 දෙනෙකු කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම ආසාදිතයින් අතුරින් 138 දෙනෙකු මට්ටක්කුලිය මෝදර උයනින් ද කොළඹ වරායෙන් 11 දෙනෙක් සහ කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21ක් වාර්තා විය. මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 42ක් වාර්තා වී ඇත්තේ බත්තරමුල්ල 05, හංවැල්ල 08, කොළොන්නාව 06, මෝදර 06, අතුරුගිරිය සහ අංගොඩ යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 03 දෙනා බැගින්ද, දෙහිවල / රත්මලාන / පිළියන්දල / රාජගිරිය / කඩුවෙල යන ප්‍රදේශ වලින් එක් ආසාදිතයා බැගින්ද මාළඹේ/ අවිස්සාවේල්ල / මොරටුව යන ප්‍රදේශ වලින් ආසාදිතයින් 02 දෙනා බැගිනි.
ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 දෙනෙකු වාර්තා වීම් සටහන් වන්නේ ගම්පහ 18, මාතර 08, කටාන සහ මීගමුව යන ප්‍රදේශ වලින් ආසාදිතයා 07 බැගින් ද, බියගම සහ කැළණිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 11 දෙනා බැගිනි. මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙක් අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 06 ක් වාර්තා වී ඇත.
එයට අමතරව ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක වන්නේ :
කුරුණෑගල 02 ( කුරුණෑගල 01 / රිදීගම 01)
ගාල්ල 02 ( හික්කඩුව 01 / බලපිටිය 01)
මාතර 03 ( මාතර නගර සභා බල සීමාව 02 / අකුරැස්ස 01)
රත්නපුර 09 ( ඇහැලියගොඩ 08 / සීතාවකපුර 01)
නුවරඑළිය 06 ( මස්කෙළිය 02 / බොගවන්තලාව 03 / නානුඔය 01)
මහනුවර 03 ( නුවර 01 / තලාතුඔය 02)
පොලිසියේ 94 ( බොරැල්ල පොලිසියේ 41 / සෙසු පොලිස් ස්ථාන 53)
ගුවන් විදුලි සංස්ථාව : 05
නිරෝධායන මධ්‍යස්ථාන තුලින් : ආසාදිතයින් 25.
නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 200 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයින් 2,393 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් පැය 24 තුළ පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 18 කි. ඒ අනුව මේ වනවිට ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 356 කි