ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, චීන තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සත්කාරකත්වය ලබාදුන් CPC සහ SLPP රජයන් හී පරිපාලන අත්දැකීම් බෙදාගැනීම පිළිබඳ සම්මන්ත්‍රණයක් සමඟ එක්වීමට ලැබීම ගෞරවයක් බවය.
දේශපාලන හා පුද්ගල මට්ටම් වලින් ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම මෙහි අරමුණ වේ. මේ සදහා තරුණයින් නායකත්වය දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු පැවසිය.
මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සත්කාරකත්වය සපයන ලදී. දේශපාලන මට්ටමින් සහ මහජන මට්ටමින් ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ