අශන්ති වරුනසුරිය
නිරෝධායන ඇඳිරිනීතිය පවතින අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සම්පූර්ණ කරන ලද අයඳුම්පත, විද්‍යුත් තෑපෑල හරහා යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබා ගත හැකි බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ ඇඳිරිනීති බලපත්‍රය සම්බන්ධයෙන් ගැටලූවක් වේ නම් ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජේ්‍යෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු පත්කර ඇති බවයි.
සම්පූර්ණ කරන ලද අයඳුම්පත [email protected] විද්‍යුත් තෑපෑලට යොමුකිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබා ගත හැකියි.


