ඉන්දික ශ්‍රී අරවින්ද
COVID-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අසරණ වූ පිරිස් සඳහා ආධාර අවශ්‍ය බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් රවටා මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක කුඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
විශේෂයෙන්ම ව්‍යාජ බවක් හදුනාගත නොහැකි ආකාරයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් මේ සදහා යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමග යවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගැනීමට මෙම පිරිස් කටයුතු කරන බවටයි තොරතුරු වාර්තා වේ.
COVID-19 වයිරසය හේතුවෙන් අසරණ වී සිටින ජනතාවට සැදැහැ සිතින් උපකාරී වීමට බලාපොරොත්තුවෙන් සිටින සමාජ මාධ්‍ය පරිශීලකයන් සමාජ මාධ්‍ය අඩවි තුල සිටිනා මෙවැනි වංචනිකයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එම පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියි.
යම් මුල්‍ය ආධාරයක් ලබාදෙන විට ආධාර ලබන්නාගේ තොරතුරු සහ අනන්‍යතාවය තහවුරු කොටගෙන පමණක් ආධාර ලබාදීම සිදුකරන ලෙසයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.