නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද ඒ අනුව ම ක්‍රියාත්මකවීම අපේක්ෂා කෙරේ.
ඒ සඳහා අවශ්‍ය ඇඳිරිනීති බලපත්‍ර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ www.investsrilanka.com ඇති උපදෙස් අනුව නිකුත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ හා මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් මෙම කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දායකත්වය ලබා දෙන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත