නිරෝධායන ඇඳීරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයින් 550 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඒ අනුව මඩකලපුව, නුවරඑළිය, තංගල්ල, මාතර, යාපනය සහ බණ්ඩාරවෙල යන ප්රදේශවලටද මෙම පිරිස ගොස් ඇත. ඔවුන් මේ වනවිට රැඳී සිටින ස්ථානවලදීම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇති බවය.අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගෙන තිබේ.