කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ජායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලයි.
කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලූ ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සඡ්ජායනා කිරීම සිදු වන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එබැවින් සියලූම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍රය සජ්ජායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහාසංඝරත්නයෙන් ඉල්ලා සිටියි.