අශන්ති වරුනසුරිය
වසර ගණනාවක් පුරාවට නොවිසිදුණ උප්පාරු නැවත පදිංචි කිරීම් සිංහල මුස්ලිම් දමිළ සියලු ජනතාවට සාධාරණයක් වන අයුරින් විසදන බව එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි. මේ වන විට නැවතත් කතාබහට ලක්වී තිබෙන උප්පාරු ඉඩම් ගැටළුව සම්බන්දයෙන් අප කල විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉඩම් බෙදීම අරභයා කිසිදු ජාතිවාදයක් නොමැති බවය. එමෙන්ම ඉඩම් සම්බන්දයෙන් ඇති ගැටළු තමන්ට කෙලින්ම ඉදිරිපත් කරන ලෙසට ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
82,83 ත්‍රස්තවාදී කලබල සමයේදී තම ඉඩම් වලින් ඉවත්වූ ජනතාව නැවත පදිංචි කිරීම වසර ගණනාවක් පුරාවටම කතාවට ලක්වූ ඉඩම් ගැටළුවකි. උප්පාරු ගම්මානය ගැන කතා කළොත් එයට අදාල අක්කර 50ක භුමිය මේ වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවතින අතර 2008 සිට සිය ඉඩම් සදහා ඉල්ලුම් පත් ඉදිරිපත් කරමින් එකී කාලයට අදාල රජයවල් වලට අදාල විෂයභාර ඇමතිවරුන්ට ඇතුළු නිලධාරීන්ට දැනුම් දුන්නද මෙතෙක් සිංහල එහි මුල් පදිංචිව සිටි සිංහල ජනතාවගේ ඉඩම් ලබා දී නැති බව ප්‍රදේශ වාසියකු වන එස්.එම් නෙල්සන් මහතා පවසයි.
2020 පෙබරවාරි මස මුස්ලිම් පවුල් 41කට පමණක් ඉඩම් කිහිපයක් ලබා දීමට පමණක් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ඔවුන් චෝදනා කරති. ඉඩම් අහිමිවූ මුල් පදිංචිකරුවන් මෙන්ම මේ වන විට ඉඩම් නොමැති සිංහල පවුල් 57 මෙලෙස උප්පාරු ඉඩම් සඳහා ඉල්ලුම් කර ඇත. ඔවුන් මේ වන විය සිය ඉඩම් මැනීම සදහා වන රුපියක් 6500ක මුදල් ද 2012 වර්ෂයේදී මැනුම් ගාස්තු ලෙස ලබා දී තිබේ. සියල්ල එසේ තිබියදී දේශපාලන බලය හමුවේ සිංහල ජනතාවට සිය අයිතීන් අහිමි වෙමින් පවතින බව නෙල්සන් මහතා වැඩිදුරටත් සදහන් කළේය.