හිස් වූ පාර්ලිමේන්තු අසුනට අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

අජිත් මාන්නාප්පෙරුම මහතා මන්ත්‍රීධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම විසින් දැන්වීමත් සමග එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (08) නිකුත් කළේය.

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.