ඩෙන්මාර්කයේ ඇති කොවිඩ් වෛරසය අසාදිත තිදෙනෙකු මෙරට

කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු  ඇතුළු සිව්දෙනෙකුට කොවිඩ්ව වෛරසයේ  විවිධ ප්‍රභේද දෙකක් ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පැවසුවේ ඩෙන්මාර්කයේ කොරොන වයිරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු කොළඹින් සොයාගෙන ඇති බවයි.

එක්සත් රාජධානියේ COVID-19 ප්‍රභේදයට ආසාදනය වූ එක් පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව විශ්ව විද්‍යාලය වැඩිදුරටත් පැවසීය.

එක්සත් රාජධානියේ තිබී සොයාගත් B.1.1.7 පරම්පරාවට අයත් කොවිඩ් -19 හි නව ප්‍රභේදය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල පෙබරවාරි මාසයේ දී අනාවරණය විය.

ඉන්පසුව, දකුණු අප්‍රිකානු කොරෝනා වයිරසයේ ප්‍රභේදය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවෙන් වාර්තා  විය.

ඩෙන්මාර්කයේ කොවිඩ් -19 ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වු   නවතම කොවිඩ් ප්‍රභේදයයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.