කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) දිනයේ දී එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට පත් පිරිස අද(08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.
එමෙන්ම පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. එමෙන්ම කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින් අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.
කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු ඊයේ 7 දිනයේ මෙරටින් හදුනා ගෙන ඇති අතර ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. විදේශ රටවල සිට පැමිණි 31 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.