ළමුන්ට අන්තවාදී දේශන පැවැත්වු දෙදෙනෙක් අත්අඩංගුවට

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් සඳහා මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇති අතර එම අභ්‍යාසවලට අකමැති වු සිසුන්ට පහරදීම් ද සිදුකර ඇති අතර, එවැනි පහරදීම්වලට ලක්වු සිසුන් පිරිසක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සොයාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.